ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන ඒකකය විසින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා පළාතේ තරුණ තරුණියන් සඳහා සංචාරක මාර්ගෝපදේශක  පුහුණු පාඨමාලාව සංවිධානය කර පවත්වාගෙන යාම සිදුකරණු ලැබේ.

සංචාරක මාර්ගෝපදේශක  පුහුණු පාඨමාලාව සඳහා අයදුම්  කිරීම  සඳහා උපදෙස් මාලාව

  • මේ සඳහා අයදුම් කළ හැක්කේ වයස අවු 18 -50 අතර ඌව පළාතේ ස්ථිර පදිංචියක් සහිත පුද්ගලයින්ට පමණයි.
  • පාඨමාලාව සඳහා තෝරා ගැනීමේදී දැනටමත් සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කරන ඒ පිළිබඳ පලපුරුද්දක් සහිත අයදුමකරුවන් හට ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.
  • දේශන ගාස්තු, දේශන ශාලා ගාස්තු, නිබන්ධන, විභාග ගාස්තු, සහතිකපත් හා වෘත්තීමය හැදුනුම්පත් ලබාදීම ඇතුළු සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස එක් අයදුම්කරුවෙකු සඳහා රු, 15,000.00 ක මුදලක් වැය වන අතර පාඨමාලා ගාස්තුවෙන් 50%ක් එනම් රු, 7500.00ක් ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් දරනු ලැබේ.
  • දේශන , නිබන්ධන, විභාග හා පන්ති කාමර ඉදිරිපත් කිරීම්ද (Classroom presentation) ඇතුළුව පැය 200 කින් යුතු මෙම පාඨමාලාව සතියට දින 03ක් ලෙස සෑම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල පැවැත් වේ.
  • මෙම පාඨමාලාව සඳහා අයදුම් කිරීම පිනිස ආදර්ශ අයදුම්පත්‍රයට අනුව ඔබ විසින් සකස් කරගත් අයදුම්පත්‍රයක් “සහකාර ලේකම්, සංචාරක ප්‍රවර්ධන ඒකකය, ඌව පළාත් සභාව, බදුල්ල.” යන ලිපිනයට 2020.02.28 දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය යුතු ය.
  • අයදුම් පත්‍රය සමඟ ඔබගේ ජාතික හැදුනුම්පත්‍රයේ පිටපතක්, වසර 03කට අධික කාලයක් තමා ඌව පළාතේ ස්ථිර පදිංචියක් දරන බව සනාථ කරන ග්‍රාම නිලධාරි සහතිකය හා මාස 06ක කාලයක් තුළදී සමාදාන විනිසුරුවරයෙක් විසින් නිකුත් කරන ලද (වලංගු) චරිත සහතිකයක් එවිය යුතුය.
  • අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්කරුවන්ට කැඳවීමක් ලැබෙන අතර ඒ සඳහා පැමිණීමේදී ජාතික හැදුනුම්පත හා තමා සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති බව සනාථ කළ හැකි ලියවිලි/ ඡායාරූප/ සේවාව පිළිබඳ විදේෂ සංචාරකයින් ලබා දුන් අදහස් තිබේ නම් රැගෙන ආ යුතුය.
  • සම්මුඛ පරීක්ෂක මණ්ඩලය විසින් තෝරාගනු ලබන අපේක්ෂකයින්ට ඒ බව ලිඛිතව තැපැල් මඟින් දැනුම් දෙන අතර එම ලිපියේ සදහන් පළාත් සංචාරක අමාත්‍යාංශයේ ගිණුම් අංකයට අදාළ පාඨමාලා ගාස්තු ගෙවිය යුතුය. එම මුදල් ගෙවූ කුවිතාන්සිය අප විසින් තෝරාගත් බව දන්වමින් එවූ ලිපියට අමුණා ඒ සමඟ පාස්පෝට් ප්‍රමාණයේ මෑතකදී ගත් ඡායාරූපය තුනක්  සමග  පාඨමාලා ආරම්භක දින  පාඨමාලා සමායෝජක වෙත  භාර දිය යුතුය.