සැලසුම් අංශය (ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය)

දැක්ම

ඌව පළාතේ ජීවත්වන ජනතාවගේ තිරසර සංවර්ධනයට දායකවන ආයතන අතරින් විශිෂ්ටතම ආයතනය බවට පත් වීම.

මෙහෙවර

සාමාජික, ආර්ථික, දේශපාලන, සංස්කෘතික පුනර්ජීවයකින් යුතු අභිමානවත් යෞවනත්ව සංවර්ධන ක්‍රමවේදයක්, කායික හා මානසික සුවතාවයෙන් යුත් මනා පෞරුෂයකින් හෙබි ක්‍රීඩකයින් බිහිකිරීමේ ක්‍රියාවලියක්, අපේ කමට මුල්තැන දෙන ගමේ කමේ සිරි නංවන ග්‍රාමීය ජන ජීවිතයේ හැඩ සලසන පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත වැඩ පිළිවෙළක්, පරිසර හිතකාමී සහ ඌවේ අභිමානය ඔප්නංවන සංචාරක සංවර්ධන ක්‍රියාවලියක්, සියලුම ජන කොටස්හි කලා හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සංස්කෘතික පුනර්ජීවයක් ඇති කිරීමේ ප්‍රශස්ත වැඩ පිළිවෙළක්, ජනතා හිතවාදී සංවිධානාත්මක ප්‍රවාහන ජාලයක් තුළින් ඌව පළාත අභිමානවත් කරවීම.

අංශය පිළිබඳ හැඳින්වීම

ඌව පළාතේ ජීවත් වන ජනතාවගේ තිරසාර සංවර්ධනයට දායක වන ආයතන අතරින් විශිෂ්ටතම ආයතනය බවට පත්වීම අරමුණු කරගත් අප අමාත්‍යංශයේ එම අරමුණ සාක්ෂාත් කරගැනීමට අදාළ විෂයන් කිහිපයක රාජකාරි කටයුතු සිදු කෙරේ. ඒ අනුව සැලසුම්,  සංස්කෘතික, යෞවන කටයුතු, ප්‍රවාහන යන විෂයන්ට අදාළව පළාත් වාසීන්ගේ  ආර්ථික සමාජීය හා සංස්කෘතික යන ක්ෂේත්‍ර කිහිපයම ආවරණය කරමින් වඩාත් ඵලදායී රාජ්‍ය සේවයක් උදෙසා කැපවී සිටින්නෙමු.

 සැලසුම් අංශය මගින් විශේෂයෙන්ම අමාත්‍යාංශයේ විෂය පථයන්හි වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා මෙහෙය වීම, එම සැලැස්මට අදාළ ක්‍රියාකාරකම් කාලානුරූපීව නිමා කිරීම සඳහා මෙහෙයවීමට සහාය වෙමින්ද ප්‍රගතිය අධීක්ෂණය කරමින්ද අමාත්‍යාංශයේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා කටයුතු කරනු ලැබේ.

සැලසුම් අංශය තුළ පවතින සංස්කෘතික අංශය මගින් පළාතේ පවතින සංස්කෘතික උරුමයන් සහ කලා සම්ප්‍රදායන් සුරක්ෂිත කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ අනාගත පරපුර වෙත සුරැකිව ඒවා දායාද කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරනු ලබයි. එහිදී පළාතේ ජාතික ආගමික වශයෙන් වැදගත් උත්සව හා බෞද්ධ ආගමික සංවර්ධනය උදෙසා විවිධ අනුග්‍රහයන් සපයනු ලබන අතර හින්දු, ඉස්ලාම්, කතෝලික  ප්‍රධාන ආගමික ස්ථාන නගා සිටුවීම වෙනුවෙන් ද විවිධ අනුග්‍රහයන්ද සපයනු ලැබේ. එසේම පළාතේ තරුණ ප්‍රජාව සතු කලා හැකියා හා වෘත්තීය හැකියා වැඩි දියුණු කිරීම සඳහා අත්වැලක් සැපයීමට වාර්ෂිකව මෙම අංශ මඟින් වැඩසටහන් පෙළගස්වනු ලබයි. ඒ අතර ඌව ජනකලා කේන්ද්‍රය හරහා සාම්ප්‍රදායික නර්තන කලාවේ අභිවෘද්ධිය උදෙසා විශේෂ සේවාවක් සිදුකරනු ලබයි. තවද එමගින් අංගම්පොර, ගොක්කොළ නිර්මාණ, දැවසුඹුලු නිර්මාණ ආදී සුවිශේෂී කලා සම්ප්‍රදායන් මතු පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහාද කටයුතු කෙරෙනු ඇත.

සැලසුම් අංශය මගින් ක්‍රියාත්මක යෞවන කටයුතු අංශය මගින් ඌව පළාත තුළ වෙසෙන තරුණ තරුණියන්ගේ මතු අනාගතය නගා සිටුවීම සඳහාත් ඔවුන්ගේ හැකියාවන් ඔප් නැංවීම සඳහාත් සුවිශේෂී වූ කාර්ය භාර්යයක්  විසින් සිදු කෙරේ. එහිදී තරුණ තරුණියන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනා ගනිමින් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව පුහුණු වැඩසටහන් පැවැත්වීම, ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය හා අනාගත අභිවෘද්ධිය නගා සිටුවීමෙහිලා උපදේශන වැඩසටහන් පැවැත්වීම, ව්‍යවසායක තරුණ තරුණියන් නගා සිටුවීමෙහිලා ස්වයං රැකියා උපකරණ ලබාදීම යනාදී සේවාවන් රැසක් සැපයේ.

සැලසුම් අංශය තුළින් ක්‍රියාත්මක ප්‍රවාහන අංශය යටතේ මගීන්ගේ ආරක්ෂණය තහවුරු කිරීම හා සුව පහසුව සැලසීමත් කඩිනම් සේවාවක් විධිමත්ව සැපයීමත් උදෙසා විවිධ සංවර්ධන හා පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.

යථොක්ත සේවාවන් සැපයීම සහ පසුවිපරම් කිරීම මගින් වඩාත් ඵලදායී සේවයක් ඉටු කිරීමට බැඳී සිටිමු.

නම  :-   ආර්.එම්.එල්.සී. අබේසිංහ

තනතුර :-  සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

දුරකථන අංකය       :-   055-2222670

කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවීම.

කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවීම. ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය - ඌව පළාත් සභාව. ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට පරිගණක මෘදුකාංග පද්ධතියක් සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට සැපයුම්කරුවන් තෝරා ගැනීම සදහා මිලගණන්...

තණමල්විල කිතුල්කොටේ දුර ගමන් බස් රථ සේවා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානය ඇතුළු සම්පූර්ණ පරිශ්‍රය(අක්කර 02ක ඉඩමද ඇතුලත්ව) බදු දිම

තණමල්විල කිතුල්කොටේ දුර ගමන් බස් රථ සේවා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානය ඇතුළු සම්පූර්ණ පරිශ්‍රය(අක්කර 02ක ඉඩමද ඇතුලත්ව)  2024/2034 ( වසර 10ක්) කාල සීමාව සඳහා තණමල්විල කිතුල්කොටේ දුර ගමන් බස් රථ සේවා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානය ඇතුළු සම්පූර්ණ පරිශ්‍රය බදු දිම සඳහා පහත...