දැක්ම

රටම පිළිගත් කර්මාන්තකරුවන් බිහි කරන ඌව පළාතේ ප්‍රමුඛයා.

මෙහෙවර

පළාතේ කර්මාන්තකරනයේ නියලෙන්නන් හා කර්මාන්තකරුවන් බවට පත්වීමට බලාපොරොත්තු වන්නන් සඳහා මුල්‍ය,තාක්ෂණික,වෘත්තීය පුහුණුව හා වෙනත් සේවාවන් සාධාරණ හා ප්‍රශස්ථ ආකාරයට පවත්වාගෙන යාම තුළින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන දායකත්වය ඉහළ නංවා පළාතේ ජනතාවගේ ආදායම් තත්වය වර්ධනය කර සමස්ථ ආර්ථිකය වර්ධනය කිරීමට දායක වීම.

නම  :-  සම්පත් නිශ්ශංක මහතා

තනතුර :-  පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ

 

දුරකථන අංකය       :-  055-2222607

 

වෘත්තීය මාර්ගෝපදේශය හා වෘත්තීය පුහුණුව

වෘත්තීය මංපෙත් විවර කර ගැනීමට මග සොයන ඔබට අවශ්‍ය මගපෙන්වීම ඌව පළාත් කර්මාන්ත සංවර්ධන  දෙපාර්තමේන්තුව මගින් ලබාගත හැක.

වෘත්තීය මාර්ගෝපදේශ සේවාව මගින් ඔබට අවශ්‍ය

  • අධ්‍යාපනය
  • වෘත්තීය පුහුණූ
  • රැකියා

සදහා නිවැරදී මග පෙන්වීම අප දෙපාර්තමේන්තුව මගින් සපයනු ලැබේ.

සැපයෙන සේවාවන්

  • කුසලතාවයන්ගෙන් පිරිපුන් පේෂ කර්ම කාර්මික කාර්මිකාවන් බිහි කිරීම.
  • නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් නව දැව නිර්මාණ හා ගෘහ භාන්ඩ නිර්මාණ ශිලිපීන් බිහිකිරීම.
  • නිෂ්පාදන වෙළදපොළට ඉදිපත්කර අළෙවී කර ගැනීමට ස්වයං රැකියා කර්මාන්ත කාරුවන්ට අවස්ථා සලසාදීම.
  • උසස් නීමාවකින් යුතු රෙදි පිළී හා දැව ආශ්‍රිත නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත ලබාදීම.
  • කලාත්මක දේශිය නිෂ්පාදය ස්වයංපෝශිත කර ඒ තුළින් ඌව පළාතේ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම.
  • ග්‍රාමීය අංශයේ ස්වයං රැකියා අවස්ථා බිහි කිරීම.
  • පාසැල් හැර ගිය තරුණ තරුණියන් සදහා තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් කාලානුරූප ස්වයං රැකියා පාඨමාලා හා වෘත්තීය පුහුණු පවත්වාගෙන යාම.
  • ස්වයං රැකියා සදහා ව්‍යවසායකත්ව පුහුණු ලබාදීම.
  • 50% දායකත්වය යටතේ ස්‌වයං රැකියා ආරම්භ කිරීමටත් පවත්වාගෙන යනුලබන ස්‌වයං රැකියා ආරම්භ කිරීමටත් පවත්වාගෙන යනු ලබන ස්‌වයං රැකියා ප්‍රවර්ධනය සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම.
  • ප්‍රදර්ශන හා ප්‍රචාරක වැඩසටහන් පැවැත්වීම.

දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන පුහුණු පාඨමාලා

ප්‍රවින සම්පත් දායකයින්ගේමග පෙන්වීමෙන්

  • බතික් නිර්මාණ පුහුණු
  • අත් බැග් නිර්මාණ පුහුණු

දෙපාර්තමේන්තුව යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන මගින්

  • පේශකර්ම නිෂ්පාදන පහුණු
  • වඩු නිෂ්පාදන පුහුණු
  • ලුහු ඉංජිනේරු පුහුණු
  • රතු මැටි ආශ්‍රිත නිෂ්පාදන පුහුණු
  • වේවැල් ආශ්‍රිත නිෂ්පාදන පුහුණු
  • පන්/ තල් ආශ්‍රිත නිෂ්පාදන පුහුණු
  • කොසු ඉදල් නිරමාණ පුහුණු

වෘත්තීය පුහුණු අධිකාරිය සමග සම්බන්ධීකරණය මගින්

  • රුපලාවන්‍ය පුහුණු වැඩසටහන්
  • බේකරි නිෂ්පාදන පුහුණු

සුදුසුකම්ලත් ආයතන සහ සම්බන්ධීකරණය මගින්

යන්ත්‍රෝපකරණ හැසරවීමේ පුහුණු

  • බැකෝලෝඩර් ක්‍රියාකරු
  • එක්සැකැවේටර් ක්‍රියාකරු
  • වීල් ලොඩර් ක්‍රියාකරු
  • ප්‍රයිම් මුවර් ක්‍රියාකරු
  • ෆෝක්‌ ලිෆ්ට් ක්‍රියාකරු
  • ඩොසර් ක්‍රියාකරු
  • මෝටර් ග්‍රේඩර් ක්‍රියාකරු
  • මෝටර් රථ කාර්මික ක්‍රියාකරු

රියැදුරු පුහුණු(සැහැල්ලු/බර වහන)

 

නව කර්මාන්ත කරුවෙකු වශයෙන් ලියාපදිංචි වීම