අප ගැන


දැක්ම

ඌව පළාතේ ජීවත්වන ජනතාවගේ තිරසර සංවර්ධනයට දායකවන ආයතන අතරින් විශිෂ්ටතම ආයතනය බවට පත් වීම.

මෙහෙවර

සාමාජික, ආර්ථික, දේශපාලන, සංස්කෘතික පුනර්ජීවයකින් යුතු අභිමානවත් යෞවනත්ව සංවර්ධන ක්‍රමවේදයක්, කායික හා මානසික සුවතාවයෙන් යුත් මනා පෞරුෂයකින් හෙබි ක්‍රීඩකයින් බිහිකිරීමේ ක්‍රියාවලියක්, අපේ කමට මුල්තැන දෙන ගමේ කමේ සිරි නංවන ග්‍රාමීය ජන ජීවිතයේ හැඩ සලසන පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත වැඩ පිළිවෙළක්, පරිසර හිතකාමී සහ ඌවේ අභිමානය ඔප්නංවන සංචාරක සංවර්ධන ක්‍රියාවලියක්, සියලුම ජන කොටස්හි කලා හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සංස්කෘතික පුනර්ජීවයක් ඇති කිරීමේ ප්‍රශස්ත වැඩ පිළිවෙළක්, ජනතා හිතවාදී සංවිධානාත්මක ප්‍රවාහන ජාලයක් තුළින් ඌව පළාත අභිමානවත් කරවීම.

 

අරමුණු

  • ඌව පළාතේ සමාජීය, ආර්ථික, දේශපාලන, සංස්කෘතික පුනර්ජීවයකින් යුත් යෞවනත්වයේ අභිමානවත් සංවර්ධනයක් ඇති කිරීම.
  • කාර්ය මණ්ඩලයේ සහයෝගීතාව, සාමුහිකත්වය හා යහපත් ආකල්ප වර්ධනය තුළින් කාර්යක්ෂම හා සුහදශීලී මහජන සේවාවක් ඉටු කිරීම.
  • කායික හා මානසික සුවතාවයකින් යුත් මනා පෞරුෂයකින් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම.
  • අවශ්‍යතාවයන්ට අනුකූලව තරුණ පිරිසට වෘත්තීය පුහුණුව ලබා දීම හා පෞරුෂත්ව සංවර්ධනය තුළින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් අභිමානවත් තරුණ පිරිසක් බිහි කිරීම.
  • සම්ප්‍රදායික ශිල්ප ක්‍රම හා ප්‍රදේශයේ සම්පත් උපයෝගී කර ගනිමින් දේශීය අත්කම් නිශ්පාදනය තුළින් ජාතික දැක්මට දායක වීමට කටයුතු කිරීම.
  • පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම.
  • ඌව පළාතේ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා වන පරිදි පළාතේ සංස්කෘතික උරුමයන් වෙත ඉහල සංචාරක ආකර්ශණයක් ඇති කරලීම තුළින් පළාතේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම.
  • පළාත තුළ විධිමත් ප්‍රවාහන ජාලයක් ඇති කිරීම.