දැක්ම

කායික යෝගතාවයෙන් සපිරි ජනතාවක්

මෙහෙවර

ඌව පළාතේ තිරසාර සංවර්ධනය උදෙසා සීමිත සම්පත් ඵලදායි ලෙස භාවිතා කරමින් පළාතේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කර , ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය භෞතික සම්පත් , තාක්ෂණික දැණුම හා මුල්‍ය පහසුකම් සැමට සමසේ සපයා දීම තුළින් ජාතික හා ජාත්‍යාන්තර ජයග්‍රහණ අත්පත් කර ගනිමින්, පළාතේ ප්‍රචලිත නොවු ක්‍රීඩා ප්‍රචලිත කරමින් හා ඌව පළාතේ වෙසෙන සියළු ජන කොටසක්ම කායික හා මානසික යෝග්‍යතාවයෙන් සපිරි ක්‍රියාශීලි පුරවැසියන් බවට පත් කිරිම.

අරමුණු


  • ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව වශයෙන් අපගේ ප්‍රධාන අරමුණ වන්නේ පළාතේ සියළුම ක්‍රීඩා කටයුතු හා ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමයි.
  • ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා දැනුම, කුසලතා හා සුභවාදී ආකල්ප වලින් යුත් ක්‍රීඩාශීලී කළමනාකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීම.
  • ප්‍රාදේශීය, දිස්ත්‍රික්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්පත් කරගැනීමට අවස්ථාව සලසා දීම මගින් ක්‍රීඩාශීලිත්වයෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීම.


කාර්යභාරය


  • පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා අනෙකුත් තරගාවලි පැවැත්වීම.
  • ක්‍රීඩා සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ ප්‍රවර්ධනය කිරීම.
  • ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවනතාවයන් හඳුනාගෙන අඩුපාඩුකම් සඳහා පිළියම් යොදමින් ක්‍රීඩා සංවර්ධන කටයුතු තිරසාරව පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
  • ජාතික මහා ක්‍රීඩා උළෙල ඇතුළු අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර තරග වලදී ඌව පළාත  නියෝජනය කිරීම.
  • පුහුණු තරග, පුහුණු කඳවුරු පැවැත්වීම හා පුහුණු සංචිත පවත්වාගෙන යාම.
  • ක්‍රීඩා සමාජ පිහිටුවීම, ප්‍රතිසංවිධානය, ලියාපදිංචිය, පවත්වාගෙන යාම හා පාලනය හා බලගැන්වීම.
  • ක්‍රීඩා බල මණ්ඩල පිහිටුවීම, ඇඟයීම හා නියාමනය.
  • මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය


නම  :-  ආර්.එම්.එස්.එල්.බී.රත්නායක මයා

තනතුර :-  පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ (වැ.බ)

 

දුරකථන අංකය       :-  055-2231910