යෝග්‍යතා නිලධාරින් බඳවා ගැනීම  – 2024

2024 වර්ෂයට අදාළව 2023.09.25 දින දිනමිණ ,තිනකරන්,ඩේලි නිවුස් යන පුවත් පත් වල පලකල දැන්වීමට අනුව 2024 වර්ෂය සඳහා  වාහන යෝග්‍යතා සහතික නිකුත් කරනු ලබන නිලධාරීන් බඳවා ගැනීම සිදු කරන ලදී. නමුත් සේවයේ අවශ්‍යතාවය මත නව බඳවා ගැනීම් සඳහා එම දැන්වීමේ අවශ්‍ය සුදුසුකම් ශීර්ෂය යටතේ ඇති වයස් සීමාව සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

එබැවින් ,එම වයස් සීමාව  2023.12.31 දිනට වයස අවුරුදු  68 දක්වා දීර්ඝ කිරීමට  තීරණය කර ඇත. ඒ සඳහා  නැවත අභියාචනා  ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන්ට ඔබගේ අභියාචනා 2024.02.19 දිනට පෙර යොමු කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

නිහාල් ගුණරත්න
ලේකම්